Grade 10

Lesson 10 · 7.1.1

ගඩලාදෙණිය විහාරය

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ගඩලාදෙණිය විහාරය

  • සද්ධර්මතිලක විහාරය හෙවත් ගඩලාදෙණි විහාරය ගම්පොළ යුගයට අයත් නිර්මාණයකි.
  • ක්‍රි. ව. 1341-1351 කාලයට අයත් ගම්පොළ යුගයේ රජ කළ සතරවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලයේදී ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනාව පරිදි හා සේනාධිලංකාර ඇමැතිගේ මූලිකත්වයෙන් මෙම විහාර නිර්මාණ කටයුතු සිදු කර ඇත.
  • මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන ලද්දේ දකුණු ඉන්දීය ශිල්පියකු වන ගණේෂ්වරාචාර්ය හා ඔහුගේ අනුගාමික ශිල්පීන් ය.

වාස්තු විද්‍යා නිර්මාණ - ගඩලාදෙණිය විහාරය ප්‍රතිමා විහාරය

වාස්තු විද්‍යා නිර්මාණ - ගඩලාදෙණිය විහාරය ප්‍රතිමා විහාරය
වාස්තු විද්‍යා නිර්මාණ - ගඩලාදෙණිය විහාරය ප්‍රතිමා විහාරය
  • මෙම සුවිශේෂී ගොඩනැගිල්ල තනි කළුගලෙන් නිමවා ඇති අතර, මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය යන ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.
  • ගඩලාදෙණි විහාරයේ මණ්ඩපය තනි කළුගලින් නිමවා ඇත. මෙහි පියස්ස පැතලි ය. පාදමෙහි නටන්නන්ගේ සහ වයන්නන්ගේ රූප පෙළක් කැටයම් කර ඇති අතර එම රූප ජීවශක්තියෙන් සහ චලනයන්ගෙන් යුක්ත ය.
  • සිවුරැස්, අටැස් කොටස්වලින් යුතු ව දොරටුව ඉදිරිපස දෙකළවර ඇති තුන් ඇඳුතු ගල් කුලුනු හා දාගැබක හැඩය ඇති “ගෙඩිගෙය” නම් වූ වෘත්තාකාර ශිඛරයක් සහිත පියස්සකින් සමන්විත මෙම බෞද්ධ විහාරය, දකුණු ඉන්දීය විජයනගර් ගෘහ නිර්මාණ කලා ලක්ෂණ පෙන්වයි.
  • මෙම කුලුනු පාදමෙහි හිස ඔසවා ගත් සිංහ රුවක් නිර්මාණය කර ඇති අතර කුලුනු මුදුනෙහි තවත් සිංහ රූපයක් ද බඳේ පනේලය තුළ වෘෂභයකු පිට නැග ගත් මිනිස් රුවක් හා මාළුවකු පිට නැග ගත් මිනිස් රුවකි. විශාල කුලුනකට කුඩා කුලුනු සම්බන්ධ කිරීම සඳහා ගල්පටියක් භාවිතා කිරීම මෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.

විජයොත්පාය

විජයොත්පාය
  • විජයොත්පාය නමින් හඳුන්වෙන අඩි 12 ක් පමණ උස අඩිතාලමක් මත හිඳි බුද්ධ ප්‍රතිමා සතරක් තැන්පත් කර ඇති ගලින් නිම වූ ප්‍රතිමා ගෘහ 04ක් විහාරය ඉදිරිපිට ගල්තලාව මත දැකිය හැකි ය.
  • මෙම ගෘහ නිර්මාණ අංගයේ දිසා අටකට මුහුණලා ඇත් රූප 08ක් කැටයම් කර ඇත. ගොඩනැගිල්ල මධ්‍යයෙහි අඩි 40 ක් පමණ උසට නිර්මාණය කර ඇති ස්තූපය පියස්සකින් ආවරණය වේ.
  • ස්තූපය වටා ඇති කුඩා පරිවාර චෛත්‍ය සතරකි. ඒවා ප්‍රතිමා ගෘහයන් හතරෙහි පියස්ස මත ගොඩ නගා ඇත.

බුදු පිළිම

බුදු පිළිම
  • ගර්භ ගෘහය තුළ හිඳි බුදු පිළිමයක් සහ හිටි පිළිම සතරක් දක්නට ලැබෙන අතර මෙම ප්‍රතිමා මහනුවර යුගයේ දක්නට ලැබෙන ප්‍රතිමා ලක්ෂණ පිළිබිඹූ කරයි.
  • මෙම බුදු පිළිම විවෘත දෙනෙත්, තරංගාකාර රැළි සහිත චීවරය පෙන්නුම් කෙරෙන අතර බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදායට වඩා බාහිර ලක්ෂණ පෙන්වීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.
  • වර්ණ ගන්වන ලද හිඳි බුදු පිළිමයට පිටුපසින් අලංකාර මකර තොරණකි.
  • වීරාසන ක්‍රමයට වැඩහිඳින හා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු මෙම බුදු පිළිමය හිස මත සිරස්පත දක්වා තිබීම ද විශේෂ ලක්ෂණයක් වේ.