Grade 10

Lesson 09 · 6.2.3

රෆායල් සන්සියෝ (Raphael Sanzio) ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

රෆායල් සන්සියෝ (1483 - 1520)

  • පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ට චිත්‍ර ශිල්පීන් අතර රෆායල් සන්සියෝ ශිල්පියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
  • මොහු වර්ෂ 1483 වර්ෂයේ දී ඌර්බිගෝ නැමති නගරයේ උපත ලැබුවේය.

ඇතැන්ස් ගුරුකුලය (School of Athens)

ඇතැන්ස් ගුරුකුලය (School of Athens)
  • ඇතැන්ස්හි ගුරුකුලය රෆායල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට බිතු සිතුවමක් වේ.
  • මෙය රෝමයේ ස්ටැන්සා ඩෙලා සිගන්චුරා (Stanza della Segnatura) නැමැති ගොඩනැඟිලි බිත්තියක ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.
  • වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම පිළිබඳ දක්වා ඇති කුසලතාව සහ ප්‍රතිභාව නිර්මාණකරණයේ අග්‍ර ඵලයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.
  • චිත්‍රයෙන් දැක්වෙන්නේ පැරණි ග්‍රීක දාර්ශනික ඇතන්ස් ගුරුකුලය යි. සිතුවම මධ්‍යයේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් ය. සෙසු දාර්ශනිකයන් ද වාද විවාදවල පැටලි සිටින අයුරු පෙන්නුම් කරයි.
  • මෙම දාර්ශනික ලෝකය ක්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය මගින් ඉදිරිපත් කර තිබීම මෙම සිතුවමේ දැකිය හැකි විශේෂතාවකි.
  • දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද, අඳුරු කහ වර්ණවල විවිධ ප්‍රභේද, රඹ සහ සුදු ආදී වර්ණයන් සිතුවම සඳහා භාවිත කර ඇත.

මැඩෝනා චිත්‍ර

  • රෆායල්ගේ නිර්මාණ අතර ප්‍රකට තේමාවක් වූයේ මැඩෝනා හෙවත් කන්‍යා මරියතුමිය හා ජේසු බිළිඳා දැක්වෙන නිර්මාණයෝ ය.
  • පුනරුද යුගයේ වෙනත් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කළ මැඩෝනා චිත්‍රවලට වඩා රෆායල් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා චිත්‍ර සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.
  • මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇත.
  • ත්‍රිකෝණාකාර ආකෘතියක් මත හැඟීම් දනවනසුළු ප්‍රකාශනයන් සහිතව රූප පිහිටවීම මෙම චිත්‍රවල විශේෂතාවකි.
  • ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය මෙන් ම ප්‍රභාමණ්ඩලය හෙවත් හෙලෝව නිරූපණය නොකිරීම ද නිර්මාණයන්හි දැකිය හැකි ලක්ෂණයන් ය.

තණපිටියේ සිටින මැඩෝනා (Madonna of the Meadows)

තණපිටියේ සිටින මැඩෝනා (Madonna of the Meadows)
  • පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක ගහකොළ මල් සහිත සැබෑ පිටිසර ගැමි පසුබිමක සාමාන්‍ය ගැහැනියක ලෙස රූපණය කිරීම මෙම නිර්මාණයේ සුවිශේෂත්වයකි.
  • මරියතුමිය පිරුණු ශරීරයෙන් හා මෘදු සොම්නස් හා සෙනෙහසින් පිරුණු මුහුණකින් යුතු හැඟීම් ප්‍රකාශනය සහිතව ඉදිරිපත් කිරීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.
  • ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මෙම සිතුවම ප්‍රදර්ශනයට තබා ඇත.

මැඩෝනා ඩෙලා සේදියා (Madonna Della Sedia)

මැඩෝනා ඩෙලා සේදියා (Madonna Della Sedia)
  • කවාකාර තලයක් මත ඇඳ ඇති මෙම සිතුවමෙන් මරිය මව්තුමියට තුරුළු වී සිටින ජේසු බිළිඳාත් ඒ දෙස බලා සිටින ශාන්ත ජෝන් බැප්ටිස් ළදරුවාත් නිරූපණය වේ.
  • රූප ත්‍රිත්වය සමීප දර්ශනයක් ලෙස එක තලයක් තුළ සංරචනය කර ඇත.
  • මානව දේහයේ කායික සුන්දරත්වය මෙන් ම වස්ත්‍රවල විස්තරාත්මක ලක්ෂණ මැන්වින් නිරූපණය කර ඇත.
  • මරිය මව්තුමියගේ කරුණාවන්ත බව හා සෙනෙහස මෙන්ම ළදරුවන්ගේ සුරතල් මොළකැටි හා පුෂ්ටිමත් ලක්ෂණ තාත්විකවාදී ස්වරූපයෙන් දැක්වීමට ශිල්පියා සමත් වී ඇත.
  • රෆායල්ගේ අනෙකුත් මැඩෝනා චිත්‍රවල දැක්වෙන විස්තරාත්මක පසුබිම් භූමි දර්ශන වෙනුවට මෙම සිතුවමේ පසුබිම, ගැඹුර නිරූපණය නොවන ලෙස අඳුරු වර්ණයකින් දක්වා ඇත.