එච්. ඒ. කරුණාරත්න (1929)
- එච්. ඒ. කරුණාරත්න මහතා ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර කලාවේ නව සම්ප්‍රදායක් වන වියුක්ත කලා සම්ප්‍රදාය බිහි කිරීමට පුරෝගාමී වූ විශිෂ්ට නිර්මාණ ශිල්පියා ලෙස හැඳින්විය හැකි ය.
- දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද සම්මානනීයත්වයට පත් එච්. ඒ. කරුණාරත්නයන් වර්ෂ 1929 දී බණ්ඩාරගම ප්‍රදේශයේ උපත ලැබීය.
- 1952 දී රජයේ ලලිත කලා ආයතනයේ චිත්‍ර කලාව හදාරන ලද එච්. ඒ. කරුණාරත්න මහතා පසුකාලීනව එහි කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත.
- ඔහුගේ නිර්මාණකරණ ක්‍රියාවලිය සඳහා ජපන් හා ඇමරිකානු චිත්‍ර කලා අධ්‍යාපනයෙන් ලද පාඩම් මහත් ආභාසයක් වී ඇත.
- ශ්‍රී ලංකාවේ නූතන කලාවේ නිරූපණාත්මක සංරචනය වෙනුවට ඇමරිකානු වියුක්ත ප්‍රකාශනවාදී (Abstract Expressionism) චිත්‍ර ශෛලියට අනුගත වූ වියුක්ත චිත්‍ර කලා භාෂාවක් ස්ථාපිත කරන ලදී.
- ඔහුගේ නිර්මාණශීලී චිත්‍ර ශෛලියෙහි මධ්‍යගත සංරචනයක් නොමැති අතර, තලය පුරා හැඩතල විසුරුවා හරින සංරචනයක් පෙන්වයි.
- එච්. ඒ. කරුණාරත්නයන් පසුකාලීනව සිය නිර්මාණ සඳහා තේමාවක් සපයන්නේ නැත. එමඟින් ඔහු නරඹන්නාට සිතීමට අවස්ථාව ලබා දී තිබේ.
- ඔහුගේ නිර්මාණවලින් ආගමික හැඟීම් සහිත ශාන්ත රසයක් ජනිත කරවන බව කලා විචාරක මතයයි.
- මුල් කාලයේදී තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත චිත්‍ර සංරචනය කළ ඔහු පසුකාලීනව එකිනෙකට වෙනස් මාධ්‍ය භාවිත කරන ලදී.
- සිය නිර්මාණවල ත්‍රිමාන බව තීව්‍ර කිරීමට ඇණ, කාඩ්බෝඩ්, නූල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් උත්සාහ කර ඇත. එමඟින් නිර්මාණයේ එකිනෙකට වෙනස් මතුපිට ස්වභාවයන්ගෙන් (Texture) විවිධ රසයන් ජනිත කරයි.
- ඔහුගේ නිර්මාණ අතර දැකිය හැකි සුවිශේෂී නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
Selected works
- • සඳපායා
- • චන්ද්‍රකාන්ත පාෂාණය
- • මල් සුවඳ
- • සුදු වලාකුළු
- • මලෙක සුවඳ
- • අස්වැන්න
සඳපායා

- එච්. ඒ. කරුණාරත්න ශිල්පියා විසින් 1980 දශකය තුළ නිර්මාණය කරන ලද මෙම සිතුවම “සඳපායා” නම් වේ.
- තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත කරන ලද මෙම සිතුවම ඔහුගේ මුල්කාලීන නිර්මාණයකි.
- මෙම සිතුවමේ මධ්‍යගත සංරචනයක් දක්නට නොමැති අතර, තලය පුරා හැඩතල විසුරුවා හරින සංරචනයක් පෙන්වයි.
- වියුක්ත ප්‍රකාශනවාදී කලා ලක්ෂණ ඔහුගේ මෙම නිර්මාණය සඳහා පදනම් වී ඇත.
- ස්වභාව ධර්මයේ නිශ්චිත අවස්ථාවක් චිත්‍රයේ ප්‍රකාශනය සඳහා වස්තු විෂය කර ගැනීම මින් පෙන්වයි.
- වියුක්ත ප්‍රකාශනවාදී කලා ලක්ෂණ අනුව, පවතින රූපිත සැලැස්මේ සැබෑ ස්වරූපයෙන් නොපෙන්වීම හා අභ්‍යන්තර හැඟීම් අනුව ස්වභාවය නිරූපණය කිරීම මෙයින් දක්වයි.
- අහසේ පායන සඳ හා එම සඳකිරණ වැටුණු ගස්වල චමත්කාරජනක හැඟීම් මතු කිරීම සඳහා නිර්මාණයේදී දීප්තිමත් මුහුන් වර්ණ, රේඛා හා හැඩතල භාවිත කර ඇත.
- මෙම නිර්මාණයෙන් ආගමික හැඟීම් සහිත ශාන්ත රසයක් ජනිත කරවන බව කලා විචාරක මතයයි.
නම් නොකළ (Untitled)

- එච්. ඒ. කරුණාරත්න ශිල්පියා විසින් මෑතකාලීනව, එනම් 2011 වසරේදී නිර්මාණය කරන ලද මෙම නිර්මාණය “නම් නොකළ” නමින් හැඳින්වේ.
- මෙය මූර්තිමය ලක්ෂණ දැකිය හැකි, එකලස් කිරීමේ ශිල්ප ක්‍රමය අනුව කරන ලද නිර්මාණයකි.
- මෙම නිර්මාණය කිරීම සඳහා තහඩු, කම්බි, ඇණ යනාදී මිශ්‍ර මාධ්‍ය භාවිත කර ඇත.
- මේ සඳහා ඝන හා රළු අමුද්‍රව්‍ය නිරූපණාත්මක අරමුණක් වෙනුවෙන් භාවිත කර තිබීම මෙම නිර්මාණයේ ඇති සුවිශේෂී ලක්ෂණයකි.
- මෙම නිර්මාණය විස්තරාත්මක බවින් අඩු, එසේම යෝගී ඉරියව්වක දැකිය හැකි මූලික ලක්ෂණ සහිත හැඩතල අනුව කළ නිර්මාණයක් වශයෙන් සැලකිය හැකි ය.
- සරල බව හා සංකේතාත්මක බව නිර්මාණාත්මකව ඉදිරිපත් කළ කෘතියකි.
- සංස්ලේෂණාත්මක ඝනිකවාදයේ හා එක්කාසු කලාවේ ආභාස ලක්ෂණ මෙම නිර්මාණය ආශ්‍රිතව දැකිය හැකි වේ.
