මයිකල් ආන්ජීලෝ (1475 - 1564)
- මයිකල් ආන්ජීලෝ ක්‍රි.ව. 1475 ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ කාසල් කැප්රීස් නම් ස්ථානයේ දී උපත ලැබී ය.
- ඔහු චිත්‍ර, මූර්ති හා කැටයම් කලාව හා වාස්තු විද්‍යාව සඳහා සහජ දක්ෂතාවක් දැක්වූ අතර පුබුදු යුගයේ බිහි වූ විශිෂ්ට කලා ශිල්පියෙකු ලෙසින් හැඳින්විය හැකි ය.
- ඔහු විසින් කිරිගරුඬ මාධ්‍යයෙන් කරන ලද විශිෂ්ට මූර්ති පහතින් දක් වේ.
- පියෙටා
- ඩේවිඩ්
- මෝසෙස්
- මියයන වහලා
- කැරලිකාර වහලා
- II වැනි ජුලියස් පාප්තුමාගේ සොහොන් ගෙය
- බෘගස්හි මරිය මව්තුමිය
- මයිකල් ආන්ජීලෝ ශිල්පියා සිස්ටයින් දෙව්මැදුරේ අඳින ලද සිතුවම්වලට අමතරව ශුද්ධ වූ පවුල නමින් කැන්වසය මත තෙල් සායම් මාධ්‍ය සිතුවමක් ද නිර්මාණය කර තිබේ.
පියෙටා (Pieta)
- මයිකල් ආන්ජීලෝ මෙම මූර්තිය නිර්මාණය සඳහා තේමා කරගෙන ඇත්තේ කුරුසියෙන් ඉවත් කරන ලද මිය ගිය ජේසුස් වහන්සේගේ අප්‍රාණික සිරුර මරිය මව්තුමිය විසින් උකුලෙහි හොවාගෙන සිටින ආකාරයයි.
- “කිරිගරුඬ” මාධ්‍යයෙන් නෙළා ඇති මෙම පූර්ණ උන්නත මූර්තිය රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ ප්‍රදර්ශනය කර ඇත.
- ජේසුස් වහන්සේගේ අප්‍රාණික ශරීර ස්වභාවය තාත්වික ව හා මරියතුමියගේ සළුපිළිවල රිද්මයානුකූල බව ඉතා ස්වාභාවික ව කිරිගරුඬ මාධ්‍යයෙන් නිරූපණය කර ඇත.
- මව සහ පුතු සමවයස්ව දැක්වීමෙන් දිව්‍යමය ස්වභාවය මතුකිරීමට උත්සාහයක් දරා ඇත.
- මානුෂිකත්වය පිළිබඳ අනුවේදනීයත්වය මෙම නිර්මාණයෙන් ධ්වනිත කරයි.
ඩේවිඩ් (David)
- ශක්තිය, නිර්භීතභාවය, මානව දයාව හා තාරුණ්‍ය යන ගුණාංග මෙම මූර්තියෙන් මැනැවින් නිරූපිත ය.
- කිරිගරුඬ මාධ්‍යයෙන් පූර්ණ උන්නත ලෙස නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව අඩි 14 අඟල් 03 පමණ උසින් යුතු නග්න පුරුෂ රුවකි.
- ග්‍රීක-රෝම මූර්ති සම්ප්‍රදායට අනුව මානව දේහයේ සුන්දරත්වය, කඩවසම් බව හා රිද්මය ස්වභාවික හා තාත්වික ව නිරූපණය කර ඇත.
ආදම් මැවීම (The creation of Adam)

- මයිකල් ආන්ජීලෝ විසින් රෝමයේ සිස්ටයින් දෙව් මැදුරේ ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයෙන් නිර්මාණය කරන ලද වියන්තල සිතුවම් අතුරින් වැදගත් නිර්මාණයකි.
- මෙහි විශේෂත්වය වන්නේ දෙවියන් වහන්සේගේ රුව බොහෝ ක්‍රිස්තියානි ශිල්පීන් විසින් නිරූපණය නොකරන ලද ලෙස සාමාන්‍ය මිනිස් රුවක ස්වරූපයෙන් නිර්මාණය කර දැක්වීමයි.
- මෙම සිතුවමින් නිරූපණය වන්නේ දේව දූතයින් සමඟ සිටින දෙවියන් වහන්සේ ආදම් වෙත ඇඟිල්ල දිගු කර සිටින අතර ආදම් විසින් දෙවියන් වහන්සේ වෙත අත දිගු කර සිටින ආකාරය යි.
- මෙහි දී දෙවියන් වහන්සේගේ මහලු ස්වරූපය සහ ආදම්ගේ තාරුණ්‍ය මැනවින් නිරූපණය කර තිබේ.
- ඔහුගේ මූර්තිවල දැකිය හැකි ශක්ති සම්පන්න හා ජවසම්පන්න බව මෙම චිත්‍ර නිර්මාණයෙහි ද මැනවින් දැකිය හැකි ය.
අන්තිම විනිශ්චය (Last Judgment)

- රෝමයේ වතිකානු නගරයේ සිස්ටයින් දෙව් මැදුරේ අල්තාරය පිටුපස බිත්තියේ මෙම සිතුවම නිර්මාණය කර ඇත.
- ලොව විශාලතම ප්‍රෙස්කෝ සිකෝ සිතුවම ලෙස සැලකෙන මෙය අඩි 48 x 44 ප්‍රමාණයෙන් යුක්ත ය.
- මයිකල් ආන්ජීලෝ විසින් මෙම චිත්‍රය ප්‍රධාන කොටස් 3 කට බෙදා එය ස්වර්ගය, මනුලොව හා පරලොව ලෙස සංකේතාත්මකව නිරූපණය කර ඇත.
- ශිල්පියාට ආවේණික වූ ස්වභාවික හා තාත්වික ශෛලීය ලක්ෂණ සහිතව මෙම චිත්‍රය සංරචනය කර තිබේ.
- එහි දී මිනිස් රූපවල කායික ලක්ෂණ හා ක්‍රියාකාරී ලක්ෂණ සමග හැඟීම් ප්‍රකාශනය මැනවින් නිරූපණය කර ඇත.







