Grade 10

Lesson 16 · 7.2.4

දඹුලු ගලේ රූ වරුණා

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

දඹුලු ගලේ රූ වරුණා

දඹුලු ගලේ රූ වරුණා
දඹුලු ලෙන් විහාර සංකීර්ණය
දඹුලු ගලේ රූ වරුණා
බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමාවක් (සුමන සමන් දෙවියන්)
දඹුලු ගලේ රූ වරුණා
බුද්ධත්වයෙන් පස්වන සතිය-මාර දූවරු පරාජය කිරීම
දඹුලු ගලේ රූ වරුණා
මාර පරාජය සිතුවමේ කොටසක්
දඹුලු ගලේ රූ වරුණා
දහසක් බුදුවරුන්ගේ රූප
දඹුලු ගලේ රූ වරුණා
අනෝතප්ත විල
  • ක්‍රි.ව. 1 වන සියවසේ දී පමණ වලගම්බා රජු විසින් (වට්ටගාමිණී අභය) මෙම ලෙන් විහාරය කරවා ඇත. ප්‍රධාන වශයෙන් ලෙන් 05කින් සමන්විත ය.
    • දේව රාජ ලෙන
    • මහා රාජ ලෙන
    • මහා අලුත් විහාරය
    • පශ්චිම විහාරය
    • දෙවන අලුත් විහාරය
  • දඹුලු විහාර ලෙන් සංකීර්ණයේ විශිෂ්ට සිතුවම් සහ මූර්ති රැසක් හමුවේ.
  • මහා රාජ ලෙන යනුවෙන් නම් කර ඇති ලෙනේ සැතපෙන බුද්ධ ප්‍රතිමා ඇතුළු බෝධිසත්ව හා රජවරුන්ගේ ප්‍රතිමා රැසක් දැකිය හැකි ය.
  • දඹුලු විහාර සිතුවම් මහනුවර යුගයට අයත් වන අතර අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන සිතුවම් කොටසක් ද දැකගත හැකි ය.
  • දඹුලු විහාරයේ බිතු සිතුවම් ඇඳීමේ ගෞරවය හිමිවන්නේ නීලගම සිත්තර පරම්පරාවට ය.
  • මහනුවර යුගයට අයත් දඹුලු සිතුවම් පහත ලෙස වර්ග කළ හැකි වේ.
    • බෝධිසත්ව චරිත අවස්ථා: සූවිසි විවරණය; ජාතක කතා
    • බුද්ධ චරිතයේ විවිධ අවස්ථා: මාරපරාජය; රන්කාසි අතුරා ජේතවනය පූජා කිරීම
    • ඓතිහාසික සිදුවීම්: විජයාගමන; මහින්දාගමනය; ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම; එළාර දුටුගැමුණු යුද්ධය
  • සිතුවම් නිර්මාණවල සුවිශේෂ ලක්ෂණ
    • පාර්ශව දර්ශී රූප
    • තීරු චිත්‍ර සංරචනවල අඛණ්ඩ කථන ක්‍රමය
    • ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය
    • වර්ණ සඳහා කහ, කොළ, රතු, කළු, සුදු වර්ණ භාවිතය හා පසුබිම සඳහා රතු වර්ණය
    • වියළි බදාමය මත බිතු සිතුවම් ඇඳීමේ, ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය
    • රූප වටා නිමාව දක්වන ප්‍රශස්ත මට්ටමින් යුතු සියුම් රේඛාකරණය
    • පසුබිම අවකාශය පිරවීම සඳහා නෙළුම් මල්, පිච්ච මල්, සපු මල්, වැටකේ මල් ආදිය යොදා ගැනීම
    • සමස්ත සංරචනය තුළ පරිමාණය හා පර්යාලෝක රීතීන් නොසැලකීම
  • වියන්තලයේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි සිතුවම් කර ඇති මාර පරාජය සිතුවම ක්‍රියාකාරී ඉරියව්වලින් යුතු වූ ප්‍රකාශනයක් සහිත සුවිශේෂී නිර්මාණයක් වශයෙන් සැලකේ.
  • මාර පරාජය සිතුවමින් බුදුන් වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිරූපිත ය. මෙම අවස්ථාවේ මහී කාන්තාව බුද්ධත්වය සනාථ කිරීමට සාක්ෂිවෙමින් පොළොවෙන් නැගී සිටින අයුරු දක්වා ඇත. පසෙකින් මාර දූවරුන් තිදෙනා හා මාර සේනාව ද දක්වා ඇති මෙම නිර්මාණය ප්‍රකාශනාත්මක බවින් ඉහළ ය.