Grade 10

Lesson 11 · 7.1.2

ලංකාතිලක විහාරය

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ලංකාතිලක විහාරය

  • ගම්පොළ යුගයේ ඉදිවූ ලංකාතිලක විහාරය පැන්හල්ගල නම් වූ ගල්තලාවක් මත ඉදිකර ඇත.
  • හතර වන බුවනෙකබාහු රජ කාලයට (ක්‍රි.ව. 1341 - 1351) අයත් මෙම ගොඩනැගිල්ල සේනාධිලංකාර අමාත්‍යවරයාගේ උපදෙස් මත නිර්මාණය කරන ලද්දකි.
  • ලංකාතිලක විහාරයේ නිර්මාණ ශිල්පියා වන්නේ ඉන්දියාවේ ස්ථපතිරායර් නම් ශිල්පියා යි.

වාස්තු විද්‍යා නිර්මාණ - ලංකාතිලක විහාරය

වාස්තු විද්‍යා නිර්මාණ - ලංකාතිලක විහාරය
  • මෙම ගෘහ නිර්මාණය සඳහා ගඩොල් සහ හුණු බදාම යොදාගෙන ඇති අතර අතීතයේ දී එය මහල් 4කින් යුක්ත විය.
  • පිටත බිත්තියේ නිර්මාණය කරන ලද ඇත් රූප හා පැන්නුම් කුලුනු විහාරයට අලංකාරයක් ගෙන දෙන වාස්තු විද්‍යාත්මක අංග වේ.
  • ප්‍රතිමා ගෘහයට සම්බන්ධ කර සතර දිසාවේ සමන්, විභීෂණ, උපුල්වන් කතරගම හා ගණදෙවියන් උදෙසා සාදන ලද දේවාල පහක් (05) හා ඒවායේ දේව ප්‍රතිමා දක්නට ලැබේ.

බුද්ධ ප්‍රතිමා

බුද්ධ ප්‍රතිමා
  • ප්‍රතිමා ගෘහයේ ඇති හිඳි බුද්ධ ප්‍රතිමාවේ දෙනෙත් විවෘත ව මෙන් ම, චීවරයේ රැළි තරංගාකාරව යොදමින් බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදායට වඩා බාහිර ලක්ෂණ පෙන්වීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත. එසේ ම ප්‍රතිමාවේ සෘජු දෘඩි ප්‍රකාශනයක් පිළිබිඹු කරයි.
  • වීරාසන ක්‍රමයට වැඩහිඳින බුදු පිළිමයෙහි ධ්‍යාන මුද්‍රාව මෙන් ම ඌෂ්ණීෂය මත සිරස්පත නිර්මාණය කර තිබීම දැකිය හැකි ය.
  • මල්කමින් හා ලියකමින් සරසන ලද මකර තොරණක් වර්ණවත් ප්‍රතිමාවට පිටුපසින් නිර්මාණය කර ඇත.

සිතුවම්

සිතුවම්
සූවිසි බුදුවරුන්ගේ නිර්මාණ අතර 'කෝණාගම බුද්ධ'
සිතුවම්
සිව් හංස පූට්ටුව
සිතුවම්
විවිධ සැරසිලි මෝස්තර
  • මහනුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායට නැකම් කියන ලංකාතිලක විහාර සිතුවම් අතර සූවිසි විවරණය, සොළොස්මස්ථානය, සත් සතිය ආදී සිතුවම් වැදගත් ස්ථානයක් ගනියි. එසේ ම කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා සේනාධිලංකාර අමාත්‍ය රූ චිත්‍රණය කර තිබීම දැකිය හැකි ය.
  • පාරම්පරික සැරසිලි මෝස්තර අතර මෙහි වියන්තලයේ නිර්මාණය කර ඇති සිව් හංස පූට්ටුව මෙන් ම අලංකාර වූ ලියවැල් මෝස්තර විශිෂ්ට නිර්මාණ වශයෙන් සැලකේ.