Grade 11

Lesson 04 · 6.1.4

කේ. කනකසබාපති ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

කේ. කනකසබාපති (1915-1995)

  • කේ. කනකසබාපති විසිවන සියවසට අයත් ශ්‍රී ලාංකේය නූතන චිත්‍ර කලාවේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ දමිළ ජාතික චිත්‍ර ශිල්පියෙකි.
  • වර්ෂ 1915 දී යාපනයේ උරුම්පිරායිහි උපත ලද කනකසබාපති පළමුව පලාලි ගුරු විද්‍යාලයෙන් චිත්‍ර කලාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගත්තේය.
  • මොහු පලාලි ගුරු පුහුණු විද්‍යාලයේ චිත්‍ර කලා ආචාර්යවරයකු වශයෙන් කටයුතු කර ඇත.
  • චිත්‍ර කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වින්සර් චිත්‍ර කලා ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් ඔහු අනතුරුව කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුළත් වී චිත්‍ර කලාව හැදෑරුවේය.
  • ඔහුගේ මුල්කාලීන චිත්‍ර ශෛලියට ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාවේ යථාර්ථවාදී කලා ලක්ෂණ එක්ව තිබුණ ද, පසුකාලීනව ඔහුගේ නිර්මාණ ඝනිකවාදී කලා ආභාසයෙන් පෝෂණය විය.
  • ඝනිකවාදී කලා ලක්ෂණ සහිතව තමාට ආවේණික චිත්‍ර ශෛලියක් ගොඩනඟා ගත් කේ. කනකසබාපති 43 කණ්ඩායමේ චිත්‍ර ප්‍රදර්ශනවලට ද සහභාගි වූ චිත්‍ර ශිල්පියෙකි.
  • කේ. කනකසබාපති විසින් නිම කරන ලද විශිෂ්ට නිර්මාණ අතර කියවන ළමයා, කුකුල් පොරය, විවේක ගැනීම සහ භූමිදර්ශන (Landscapes) සිතුවම් සුවිශේෂී වේ.

Selected works

  • • කියවන ළමයා
  • • කුකුල් පොරය
  • • විවේක ගැනීම
  • • භූමිදර්ශන (Landscapes)

කියවන ළමයා

කියවන ළමයා
  • කේ. කනකසබාපති විසින් නිර්මාණය කරන ලද කියවන ළමයා නමැති සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි.
  • ශෛලිගත ලක්ෂණ හා ඝනිකවාදී කලා ශෛලීය ලක්ෂණවල ආභාස සහිත නිර්මාණයකි.
  • ඝනිකවාදී කලාවේ ලක්ෂණ අනුව චිත්‍රයේ පසුබිම රේඛා සටහන් සහිත තලයක් ලෙස පෙන්වයි.
  • එකිනෙකට වෙනස් හැඩ සහ විවිධ දිශානති සහිත රේඛා ඒකවර්ණික පසුබිමක් මත සංවිධානය කර ඇත.
  • චිත්‍රයේ ගැඹුර හා ත්‍රිමානත්වය පෙන්වන්නේ යොදන ලද රේඛා හා වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමයෙනි. එමඟින් චිත්‍රයේ අවකාශීය ගැඹුර දැක්වේ.
  • චිත්‍රයේ ප්‍රධාන රූපයට වඩා පසුබිම ඝනිකවාදී කලා ආභාසය සහිතව ඛණ්ඩනයට ලක් කර ඇත.
  • සිතුවමේ දැක්වෙන ළමයා බොහෝ සෙයින් ශෛලිගත හැඩ සහිතව නිරූපණය කෙරේ.
  • චිත්‍රයට බහුල වශයෙන් යොදා ඇති වර්ණය කොළ වර්ණය වන අතර, එහි ප්‍රභේද සමඟ දුඹුරු වර්ණ භාවිතය ද හඳුනාගත හැකි ය.
  • ඝන රේඛාකරණය හා වර්ණ භාවිතය මැනවින් යොදාගෙන ඇති අතර, එමඟින් මාතෘකාව වඩා තීව්‍රව හා සංවේදීව දැනවීමට උත්සාහ ගෙන ඇත.

කුකුල් පොරය

කුකුල් පොරය
  • කේ. කනකසබාපති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවම සඳහා වස්තු විෂය වී ඇත්තේ කුකුල් පොරයකි.
  • තෙල් සායම් මාධ්‍ය භාවිත කර කැන්වසය මත කරන ලද ඝනිකවාදී ශෛලිය දැක්වෙන නිර්මාණයකි.
  • කුකුළන් නිරූපණය සඳහා ද්විමාන හැඩතල භාවිත වුවද, ත්‍රිමාන ලක්ෂණ මතු වන සේ වර්ණ ගන්වා ඇත.
  • චිත්‍රයේ රූප වටා හා පසුබිම මත යොදා ඇති ඝන රේඛාවල ස්වභාවය අනුව කුකුල් පොරයේ වේගය හා රිද්මය මතු කර පෙන්වයි. එම ලක්ෂණ චිත්‍රයේ ප්‍රකාශනය වඩා තීව්‍ර කිරීමට උපකාරී වේ.
  • ඝනිකවාදී කලාවේ ලක්ෂණ ආභාසය කර ගනිමින් සත්ත්ව රූප සහ පසුබිම සම්පිණ්ඩනය කර ඇත.
  • දුඹුරු වර්ණය ප්‍රමුඛව, ඒකවර්ණ ස්වභාවය මතු වන ලෙස මෙම නිර්මාණයේ වර්ණ භාවිත කර ඇත.
  • සිතුවමේ මධ්‍යයේ කුකුළන් නිරූපණය කිරීමට භාවිත කළ රේඛා හා හැඩතලවලට සමාන හැඩතල සහ රේඛා පසුබිමට යොදා ගැනීමෙන් පෙරබිම හා පසුබිම එකම තලයක සම්පිණ්ඩනය වූ බවක් දෘශ්‍යමාන වේ.