සුමන දිසානායක (1922-1995)
- වර්ෂ 1922 දී මාතර කඹුරුපිටියේ උපත ලැබූ සුමන දිසානායක සන්නිදර්ශන චිත්‍ර කලාවට නව්‍යතාවක් ඇතිකළ පුරෝගාමී ශිල්පියෙක් වෙයි.
- මරදාන කාර්මික විද්‍යාලයෙන් චිත්‍රකලාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා ගන්නා ඔහු, පසුව එංගලන්තය හා නෙදර්ලන්තය ආශ්‍රිතව ද චිත්‍ර කලාව පිළිබඳ පුහුණුව ලබා ගති.
- අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චිත්‍ර කලා පරීක්ෂක හා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ චිත්‍ර කලා අධ්‍යක්ෂක ධූරය ද ඔහු විසින් හොබවන ලදී.
- ඔහු සිය නිර්මාණ සඳහා තෙල් සායම්, දිය සායම් හා ඇක්‍රලික් ආදි විවිධ වර්ණ මාධ්‍ය භාවිත කරමින් නිර්මාණකරණයේ යෙදුණු ශිල්පියෙකි.
- ඔහුගේ නිර්මාණ කොටස් දෙකකි. එනම් තෙල් සායම් චිත්‍ර හා සන්නිදර්ශන චිත්‍ර වශයෙනි.
- මීට අමතර ව සරල හා නූතන හැඩවලට අයත් බතික් නිර්මාණයන්ගේ ආරම්භක පුරෝගාමියා ලෙස ද සැලකෙයි.
- ඔහු විසින් නිර්මාණය කරන ලද සන්නිදර්ශන සඳහා චිත්‍ර පොත් පිටකවර, ළමාපොත් හා සඟරා ආදිය ඇසුරින් දැකිය හැකි ය.
- ඔහු ළමාපොත් නිර්මාණ සඳහා නවතම ශෛලියකින් යුතු චිත්‍ර ආරක් බිහි කළ ශිල්පියෙකු ලෙස ද හැඳින්වේ.
- සරල හා වියුක්ත හැඩතල මෙන් ම වර්ණ සංයුතිය ද ඉතා නිර්මාණශීලී ව ඔහු සිය සන්නිදර්ශන, නිර්මාණකරණය සඳහා භාවිත කර ඇත.
- මුල්කාලයේ නිර්මාණ සඳහා ස්වභාවික රූපක ද පසුකාලීන නිර්මාණ සඳහා අධිතාත්වික හැඟීම් ලබා දෙන සමාධිගත වින්දනයකට තුඩුදෙන හැඩතල ද භාවිත කරන ලද නිර්මාණ වේ.
වෛතීසවරම් සිවසුබ්‍රමනියම් (රමණි) 1942
- වර්ෂ 1942 දී අලවෙට්ටි ප්‍රදේශයේ උපත ලැබූ සිවසුබ්‍රමනියම් 1961 දී යාපනය 'විඩුමුරෙයි කාල ඕවියක් කලහම්'හිදී මූලික අධ්‍යාපනය ද, චිත්‍ර කලාව පිළිබඳ උසස් අධ්‍යාපනය රජයේ ලලිත කලා ආයතනයෙන් ලබා ගත්තේ ය.
- රජයේ කලා ආයතනයේ චිත්‍ර ඇඳීම පිළිබඳ වැඩිදුරටත් හැදෑරූ ඔහු පසුකාලීන ව යාපනයේ සෞන්දර්ය අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ද දැරුවේ ය.
- ඔහු සිතුවම් ඇඳීමට අමතර ව දේවරූප බොහොමයක් නිර්මාණය කළ මූර්ති ශිල්පියෙක් ද වේ.
- ස්වාභාවිකවාදී ශෛලිය සමග සංකලනය වූ නූතන ශිල්ප ක්‍රම සමග තමාට ම ආවේණික වූ නිර්මාණ ශෛලියක් ඔහුගේ නිර්මාණ ඇසුරින් හඳුනා ගත හැකි ය.
- ඔහුගේ මුල්ම සන්නිදර්ශන සිතුවම වන්නේ රාධා පුවත්පතෙහි පළ කළ නිර්මාණයකි. ඔහු දෙමළ පුවත්පත් ගණනාවක් සඳහා ද චිත්‍ර නිර්මාණය කර ඇත.
- පොත් පිටකවර නිර්මාණය පිළිබඳව නව අත්හදා බැලීම් කළ ඔහු විසින් විවිධ දෙමළ පොත් සඳහා පිටකවර නිර්මාණය කරන ලදි.
- ඔහුගේ නිර්මාණ අතර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා සම්බන්ධව කරන ලද පොත් කවර සුවිශේෂ නිර්මාණ ලෙස දැක්විය හැකි ය.
- මෙම නිර්මාණ ඔහුටම ආවේණික නිර්මාණ ශෛලීය ලක්ෂණයන්ගෙන් යුතු ව නිම කරන ලද ඒවා වේ.






