Grade 10

Lesson 14 · 7.2.2

මැදවල ටැම්පිට විහාරය

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

මැදවල ටැම්පිට විහාරය

මැදවල ටැම්පිට විහාරය
මැදවල ටැම්පිට විහාරය
මැදවල ටැම්පිට විහාරය
වෙස්සන්තර ජාතකය
  • ගල් කණු මත ඉදිකළ විහාරයක් වන හෙයින් ටැම්පිට විහාරයක් ලෙස හඳුන්වන මැදවල විහාරය මහනුවරට නුදුරු මැදවල ග්‍රාමයේ පිහිටා ඇත.
  • මැදවල ටැම්පිට විහාරය අඩි 01 යි අඟල් 08ක් උස් වූ ගල් කණු 34ක් මත ඉදිකර ඇත.
  • මැද මහනුවර සම්ප්‍රදායට අයත් ඉතා සියුම් හා විශිෂ්ට නිමාවන්ගෙන් යුතු චිත්‍ර නිර්මාණ මෙම විහාරයේ දැකිය හැකි ය.
  • මැදවල විහාරය තුළ දක්නට ලැබෙන කුඩා තීරු සංරචන සිතුවම් අතර ජාතක කතා, සත් සතිය වැනි මාතෘකා විශේෂ වේ. ජාතක කතා අතර වෙස්සන්තර ජාතකය හා උරග ජාතකය ප්‍රධාන තැනක් ගනියි.
  • සිතුවම් නිර්මාණ ආශ්‍රිත දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ
    • පාර්ශ්ව දර්ශී රූප
    • තීරු චිත්‍ර සංරචනවල අඛණ්ඩ කථන ක්‍රමය
    • ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය
    • වර්ණ සඳහා කහ, කොළ, රතු, කළු, සුදු ආදී වර්ණ භාවිතය
    • ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය
    • රූප වටා නිමාව දක්වන ප්‍රශස්ත මට්ටමින් යුතු සියුම් රේඛාකරණය
    • පසුබිම සඳහා ගුරු වර්ණය
    • පසුබිම අවකාශය පිරවීම සඳහා විවිධ සැරසිලි මෝස්තර භාවිතය
    • සමස්ත සංරචනය තුළ පරිමාණය හා පර්යාලෝක රීතීන් නොසැලකීම