දෙගල්දොරුව රජ මහා විහාරය
- ලෙන් විහාර වර්ගයට අයත්, මහනුවර යුගයේ සිතුවම් හමුවන සුවිශේෂී ස්ථානයකි.
- කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747 - 1782) විසින් මෙම ලෙන් විහාරය ගොඩනගන ලදී.
- දෙවරගම්පල සිල්වත්තැන මෙහි සිතුවම් ඇඳ ඇති අතර, කොස්වත්තේ සිත්තර නයිදේ හා නීලගම පටබැන්දා මොහුට සහාය වී ඇති බව පොත පතෙහි සඳහන් වේ.
- ගර්භගෘහයට ඇතුළුවන දොරටුව දෙපස ඇති තීරු චිත්‍ර සංරචන අතර වෙස්සන්තර ජාතකය හා සුතසෝම ජාතකය සුවිශේෂී නිර්මාණ වශයෙන් දැක්වේ.
- විශේෂයෙන් වෙස්සන්තර ජාතක කතාව තුළ ගැබ් ව ඇති ඇලි ඇතු දන්දීම දැක්වෙන චිත්‍රය විශිෂ්ට නිර්මාණයක් වශයෙන් සැලකේ. ඇතුන්ගේ සජීවී චලනය හා රිද්මය නිරූපණය ඊට හේතු වේ.
- සිතුවම් නිර්මාණ ආශ්‍රිත දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ
- තීරු චිත්‍ර සංරචනවල අඛණ්ඩ කථන ක්‍රමය හා පාර්ශව දර්ශී රූප
- ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය හා පසුබිම සඳහා අඳුරු රතු වර්ණය භාවිතය
- වර්ණ සඳහා කහ, කොළ, රතු, කළු, සුදු ආදී වර්ණ භාවිතය
- ප්‍රෙස්කෝ සිකෝ හෙවත් වියළි බදාම මත සිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමය
- රූප වටා නිමාව දක්වන ප්‍රශස්ත මට්ටමින් යුතු සියුම් රේඛාකරණය
- පසුබිම අවකාශය පිරවීම සඳහා විවිධ සැරසිලි මෝස්තර භාවිතය
- සමස්ත සංරචනය තුළ පරිමාණය හා පර්යාලෝක රීතීන් නොසැලකීම
- විහාර වියන් තලයේ විශාල චිත්‍ර සංරචනයක් ලෙස නිරූපණය කර ඇති මාර පරාජය සිතුවම සුවිශේෂී සමාජ ප්‍රකාශනයක් සහිත නිර්මාණයක් වශයෙන් සැලකේ.
- මාර පරාජය සිතුවමින් තුවක්කුවක් අතින් ගත් මාරයකු දක්වා තිබීමෙන් මෙම සිතුවම් තුළ සමකාලීන අත්දැකීම් හා ද්‍රව්‍ය නිරූපණය කිරීමට ශිල්පියා ගත් උත්සාහය හඳුනාගත හැකි ය.
- සිතුවම්වලට අමතරව පිහිටි ගලෙහි නෙලා ඇති සඳකඩ පහණ මහනුවර යුගයේ සුවිශේෂී නිර්මාණයක් වන අතර එහි ප්‍රධාන මෝස්තරය ලෙස තිරිගිතලය යොදා ඇත.



