Grade 10

Lesson 13 · 7.2.1

සෙංකඩගලපුර ශ්‍රී දළදා වරුණ

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

සෙංකඩගලපුර ශ්‍රී දළදා වරුණ

සෙංකඩගලපුර ශ්‍රී දළදා වරුණ
ශ්‍රී දළදා මාලිගය
සෙංකඩගලපුර ශ්‍රී දළදා වරුණ
මහනුවර යුගයේ සඳකඩ පහණ
  • ශ්‍රී ලාංකික ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ ශ්‍රී දළදා මාළිගාව විවිධ ප්‍රතිසංස්කරණයන්ට භාජනය කරමින්, දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් (කි.ව. 1687 - 1707) විසින් ගොඩනගා ඇති බව සඳහන් වේ.
  • දළදා මාළිගාවට අයත් ගොඩනැගිලි සංකීර්ණය දළදා මැදුර, මගුල් මඩුව, පත්තිරිප්පුව, උල්පැන් ගෙය, දියතිලක මණ්ඩපය, මූලාදෑනි මන්දිරය ආදී වශයෙන් නම් කළ වාස්තු විද්‍යාත්මක නිර්මාණ රැසකින් යුක්ත ය.
  • මෙම ආගමික සංකීර්ණයේ ඇති සුවිශේෂී ම ගෘහ නිර්මාණ අංගය/ගොඩනැගිල්ල වන්නේ පත්තිරිප්පුවයි.
  • මෙම ගොඩනැගිල්ල අටපට්ටම් හැඩයෙන් යුක්ත ය.
  • ගොඩනැගිල්ල වටා පේශාවන් දැක්වෙන අතර කවළු, කුලුනු හා ගරාදි වැටවල් ක්‍රමානුකූලව නිර්මාණය කර ඇත.
  • පත්තිරිප්පුව නිර්මාණයේ ගෞරවය හිමිවන්නේ දේවේන්ද්‍ර මූලාචාරීන්ට ය.
  • ශ්‍රී දළදා මාළිගාවේ මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම් රැසක් දක්නට ලැබෙන අතර ලියකම්, මල්කම්, කල්පිත රූප සුවිශේෂී වේ.
  • මහනුවර යුගයේ දක්නට ලැබෙන හොඳ ම සඳකඩ පහණ දළදා මාළිගාවෙන් හමුවේ.
  • ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා මෙම සඳකඩ පහණ මධ්‍යයේ මඳක් උස් වූ පද්මයක් හා දෙපස මල් ලියකම් දැකිය හැකි ය.