Grade 11

Lesson 08 · 6.2.1

පුවත්පත් කාටුන් ශිල්පීන්ගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

කියවීම් පත්‍රිකාව

  • කාටුන් චිත්‍ර කලාව පුවත්පත් ක්ෂේත්‍රයට කේන්ද්‍රීයව නිර්මාණය වූ සුවිශේෂ නිර්මාණ කලාවකි.
  • පුවත්පතක කාටුන් චිත්‍රවලට ප්‍රමුඛ ආකර්ශනයක් ලැබෙන අතර ඇතැම්විට පුවත්පතක ප්‍රධාන කර්තෘ වාක්‍යයට ද වඩා ඒවා ප්‍රබල වේ.
  • වචන රැසකින් කිවයුතු බොහෝ දේ කාටුන් චිත්‍රය මගින් කැටිකොට ප්‍රකාශ කෙරේ.
  • කාටුන් නිර්මාණවල අරමුණ වන්නේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික දුර්වලතා පිළිබඳ හාස්‍යය දනවන අයුරින් විවරණය කිරීමයි.
  • සැම තරාතිරමක ම පුද්ගලයන්ට මේවා රස විඳීමට හැකිවීම සුවිශේෂ ලක්ෂණයකි.
  • කාටුන් චිත්‍රවල සාර්ථක බව හා සිත් ඇදගන්නා බව රැඳී ඇත්තේ එහි හාස්‍යය ගැබ් වී ඇති ප්‍රබලතාව අනුව ය.
  • හාස්‍ය රසය නිරූපණය කිරීමේදී මුඛ්‍ය ලක්ෂණය අනුව හැඩතල භාවිත කර ඇති ආකාරය ඉතා වැදගත් වේ.
  • රූපවල ක්‍රියාකාරිත්වය හාස්‍ය නිරූපණය සඳහා බලපාන ප්‍රධාන අංගයකි.
  • සමාජ, දේශපාලන තත්ත්වය විවරණය කිරීමේ දී ඒ සඳහා වන පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ කාටුනය මගින් ඉතා මැනැවින් නිරූපණය කළ හැකි ය.
  • සිද්ධි නිරූපණයේ දී භාෂාව භාවිත කරන ආකාරය ද වෙනස් වේ.
  • ශ්‍රී ලංකාවේ කාටුන් චිත්‍ර නිර්මාණ ක්‍රියාවලියේ පුරෝගාමී ශිල්පීන් අතර

Selected works

  • • ඔබ්‍රි කොලට්
  • • ජෙෆ්‍රි යූනුස්
  • • ඩබ්. ආර්. විජේසෝම
  • • කැමිලස් පෙරේරා
  • • ශිවඥානසුන්දරම්, යන ශිල්පීන් ප්‍රමුඛස්ථානය ගනියි.

ඔබ්‍රි කොලට් (1920 - 1992)

ඔබ්‍රි කොලට් (1920 - 1992)
ඔබ්‍රි කොලට් (1920 - 1992)
  • ශ්‍රී ලංකාවේ පුවත්පත් කාටුන් කලාවේ පුරෝගාමියා ලෙස ඔබ්‍රි කොලට් ශිල්පියා හැඳින්විය හැකි ය.
  • සමාජ, දේශපාලන ක්ෂේත්‍ර හාස්‍යයට ලක්වන අයුරින් කාටුන් නිර්මාණය කළ ශිල්පියකු ලෙස ද ප්‍රසිද්ධියක් ඉසිලු කෙනෙකි.
  • ඔබ්‍රි කොලට් විසින් 1945 දී පළමුවරට “ද ටයිම්ස් ඔෆ් සිලෝන්” නමැති පුවත්පතට කාටුන් නිර්මාණය කර ඇත.
  • කොලට් 43 කණ්ඩායමට අයත් ශිල්පියෙකි.
  • ඔහු විසින් අඳින ලද 43 කණ්ඩායමේ සාමාජිකයන් දැක්වෙන කාටුන් නිර්මාණය විශිෂ්ට කෘතියකි.

ජෙෆ්‍රි යූනුස් (1932 - 2003)

ජෙෆ්‍රි යූනුස් (1932 - 2003)
ජෙෆ්‍රි යූනුස් (1932 - 2003)
  • ඔබ්‍රි කොලට්ගේ මඟ පෙන්වීම සමඟ දේශපාලන කාටුන් කලාවට පැමිණි යූනුස් ප්‍රබල කාටුන් ශිල්පියක් වෙයි.
  • මුල්කාලීනව “ඇත්ත” පුවත්පතෙහි කාටුන් ශිල්පියකු ලෙස සේවය කළ ඔහු පසුකාලීන ව “රාවය” පුවත්පතෙහි කාටුන් ශිල්පියකු ලෙස සේවය කර ඇත.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රබල කාටුන් චරිතය ලෙස “අප්පුහාමි” හැඳින්විය හැකි ය.

ඩබ්. ආර්. විජේසෝම (1925-2006)

ඩබ්. ආර්. විජේසෝම (1925-2006)
ඩබ්. ආර්. විජේසෝම (1925-2006)
  • 1930 දශකය ආරම්භයේ සිට කාටුන් චිත්‍ර සඳහා ජනප්‍රියත්වයට පත් පුද්ගලයකු ලෙස විජේසෝම හැඳින්විය හැකි ය.
  • 1950 දශකයේදී “ටයිම්ස් ඔෆ් සිලෝන්” පුවත්පතෙහි කාටුන් විශේෂාංගය නොකඩවා පවත්වා ගෙනයමින් ජනප්‍රිය තත්ත්වයට පත් විය.
  • ඔහු පොදුජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ “පුංචි සිංඤෝ” නමින් නිර්මාණය කරන ලද කාටුන් චරිතය ආශ්‍රිතව ය.
  • ජාතික ඇඳුමෙන් යුතු ව මුලදී නිර්මාණය කළ පුංචි සිංඤෝ ක්‍රම ක්‍රමයෙන් සිරුරෙන් වැහැරී, වැරහැලි සහිත ඇඳුමෙන් සැරසී ජීවත්ව සිටින ආකාරය පෙන්වයි.

කැමිලස් පෙරේරා (1939 - )

කැමිලස් පෙරේරා (1939 - )
කැමිලස් පෙරේරා (1939 - )
ගජමැන්
  • විසිවැනි සියවස අග කාටුන් ශිල්පීන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ශිල්පියෙකි.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද ජනප්‍රිය කාටුන් චරිත ගණනාවක් වේ.
  • ගජමැන් චරිතය ඉතා ජනප්‍රිය කාටුන් චරිතය විය.
  • මීට අමතර ව සිරිබිරිස්, දැක්කොත් පද්මාවතී, මගෝඩිස් තුමා, පැටෝ, ටික්කා, දොං සේතං, සිමෝනා, ලපයා, ගොඩ්ඩිං අයියා, ස්වීටි, සෙල්ලං සේන වැනි චරිත ලංකාවේ විවිධ තරාතිරම්වල ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් ව ඇත.

සී. ශිවඥානසුන්දරම් (සිරිත්තිරන් සුන්දර්) 1924-1996

සී. ශිවඥානසුන්දරම් (සිරිත්තිරන් සුන්දර්) 1924-1996
සී. ශිවඥානසුන්දරම් (සිරිත්තිරන් සුන්දර්) 1924-1996
  • වර්ෂ 1924 -1996 කාලය තුළ ජීවත්ව සිටි සී. සිවඥානසුන්දරම් ජනප්‍රිය දමිළ ජාතික කාටුන් චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සැලකේ.
  • ඔහු චිත්‍ර කලාව පිළිබඳ බොම්බායේ ජේ. ජේ ලලිතකලා පාසලෙහි (J.J. School of Arts) පුහුණුව ලැබුවේ ය. එසේම ඉන්දියාවේ සිටි කාලයේ රාජා රවි වර්මා යටතේ රූප ඇඳීමට පුහුණුව ද ලැබුවේ ය.
  • ඔහු ලෝකසත්ත නැමැති මරාටි පුවත්පත, BLITZ (බ්ලිට්ස්) හා (කොන්ච්) CONCH නැමැති ඉංග්‍රීසි පුවත්පත් හා විවිධ දෙමළ පුවත්පත්වල කාටුන් ශිල්පියකු ලෙස සේවය කර ඇත.
  • වසර 33 කාලයක් පුරා ඔහු “සිරිත්තිරන්” නැමැති පුවත්පත පළ කරමින් එම පුවත්පතට කාටුන් නිර්මාණ ඉදිරිපත් කළ නිසා 'සිරිත්තිරන් සුන්දර්' යන නමින් ප්‍රසිද්ධියට පත් විය.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද සවාරිත්තම්බර්, සින්නක්කුට්ටි, මයිනර් මච්චාන් වැනි චරිත අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඒවා ලෙස හැඳින්වේ.